28 C
Colombo
Saturday, July 27, 2024

චීන කොන්සල් කාර්යාලයට හානි කළ පුද්ගලයන් සොයා කැනඩා පොලිසියෙන් පරීක්ෂණ

- Advertisement -

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වෑන්කුවර්හි චීන කොන්සාල් කාර්යාලයට හානි කළ පුද්ගලයන් සොයා එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මීට සති දෙකකට පමණ පෙර රාත්‍රියේ අදාළ කාර්යාලය වෙත පැමිණි මුහුණු ආවරණය කර ගත් අයෙකු එහි නාම පුවරුවට හානි කර ඇත.

ඒ පිළිබද පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී යළිත් කොන්සල් කාර්යාලය ඉදිරිපිට තාප්පයට තීන්ත ප්‍රහාර එල්ල කර ඇතැයි සදහන් වේ.

ආරක්ෂක විධිවිධාන තිබියදී පවා සිදුවූ මෙම ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇත.

මෙය දැඩි අපකීර්තිමත් ක්‍රියාවක් බව පවසන කැනඩා බලධාරීන් මේ සම්බන්ධ වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...