30 C
Colombo
Friday, May 17, 2024

IOC ඉන්ධන මිලත් ඉහළට

- Advertisement -

ලංකා IOC සමාගමත් අද (21) දිනයේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 157ක මිලක පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක් වනවා.

එමෙන්ම Extra Premium 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 210 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 121ක් ලෙස සටහන් වනවා.

සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ලෙසයි.


RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...