26 C
Colombo
Saturday, May 18, 2024

IPL 2023 – වත්මන් ශූරයින් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි

- Advertisement -

මෙවර ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය ඊයේ ආරම්භ වුණා.

පළමු තරගය පැවැත්වුණේ වත්මන් අයිපීඑල් ශූරයින් වන ගුජරාට් ටයිට්න්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතරයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

එහිදී සුපිරි පිතිහරඹයක නිරත වූ රිතුරාජ් ගේක්වාඩ් ලකුණු 92ක් ලබා ගත්තේ පන්දු 50කින්.

ඊට හයේ පහර නවයක් ඇතුළත් වුණා.

ඒ හැරෙන්නට සෙසු පිතිකරුවන්ගෙන් පුලුල් දායකත්වයක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි, රෂීඩ් ඛාන් සහ අල්සාරි ජෝසෆ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පන්දු 36කින් ලකුණු 63ක් ලබා ගත් ෂුබ්නම් ගිල් ගුජරාට් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

පන්දුවාර 19යි පන්දු 2 කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 182ක් ලබා ගනිමින් වත්මන් ශූරයින් වන ගුජරාට් ටයිට්න්ස් තරගය ජය ගැනීමට සමත් වුණා.

පන්ජාබ් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය සහ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය අද පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...