29 C
Colombo
Saturday, July 27, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැරහැරි පොලිස් නිලධාරීන්ට ඉදිරියේදී චෝදනා පත්‍ර – සරත් වීරසේකර

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනාපත්‍ර අනුමත කර එවා ඇති බවත්, එම චෝදනාපත්‍ර ඉදිරියේදී අදාල නිලධාරීන්ට බාර දෙන බවත් පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (18) පැවසීය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන තත්ත්වය ගැන දැනුම්දීමට අද සූම් ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

‘ඔවුන්ට විරුද්ධව විමර්ශනයක් කරලා ගිය අවුරුද්දෙද කොහෙද පොලිස් කොමිසමට බාර දීලා තියෙනවා. පොලිස් කොමිසම අහෝසි වෙනකොට ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බාර දීලා තියෙනවා.

ඊට පෙරේදා වෙනකොට ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් චෝදනාපත්‍ර පොලිසියට ලැබිලා තියනවා. ඔවුන්ට අපි ඒක යොමු කරනවා.’ යැයි ඇමැතිවරයා කීවේය.

පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියේාජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට චෝදනා පත්‍ර ලබා දිය යුතු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකට මීට පෙර පොලිස්පති මඟින් ජාතික පොලිස් කොමිෂන් සභාවට වාර්තාවක් යවා තිබිණි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...