27 C
Colombo
Sunday, March 26, 2023

“ආණ්ඩුව නියාමන ආයතනවලට බය ද? ” – මහාචාර්ය රොහාන් සමරජීව

- Advertisement -

(කලක් විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට කටයුතු කළ මහාචාර්ය රොහාන් සමරජීව මහතා ලංකාවේ නියාමන විෂය සම්බන්ධයෙන් ප්‍රවීණ දේශකයෙක් ද වේ. විදුලිය, අධ්‍යාපනය, වෙළෙඳාම, රක්ෂණය ඇතු`ඵ විෂය රැසක නියාමන ආයතන අහෝසි කිරීමේ අරමුණෙන් අගමැතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව ගැන ඔහු ‘නිව්ස් 19’ට දැක් වූ අදහස්වලින් මෙම ලිපිය සැකැසී ඇත.


නියාමන ආයතන රැසක බලතල කප්පාදුව සම්බන්ධයෙන් අගමැතිවරයා කැබිනට්ටුවට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් නිසා මහ බැංකුව හා මහජන උපයෝගිතා කොමිසම ඇතු`ඵ ආයතන රැසක පැවැත්ම සම්බන්ධයෙන් මේ වනවිට අවිනිශ්චිතභාවයක් හටගෙන තිබේ. අදාළ ආයතනවලට එරෙහිව නගා ඇති චෝදනාවක් වන තරගකාරීත්වය හඳුන්වා නොදී ආයතනවලට මැදිහත්වීම නමැති කාරණය මෙහිලා මගේ දැඩි අවධානයට ලක්වන්නකි. නියාමන ආයතන සැබැවින්ම එසේ හැසිරෙන්නේ නම් චෝදනාවක් හැටියට එහි යම් වලංගුභාවයක් ඇති බව අපට පිළිගැනීමට සිදුවේ. මන්දයත් තරගකාරීත්වයක් ඇති කර නියාමනය මූලික කාරණයක් වන බැවිනි. 
තරගකරුවන් වැරැදි ලෙස හැසිරෙන්නේ නම් දඩ ගැසීම නියාමනයේ කොටසකි. දඩයක් නියම වූ විට පෞද්ගලික ආයෝජකයෙකුට කිසියම් රිදවීමක් හටගනී. එවැනි අවස්ථාවකදී කණස්සල්ලට පත්වන ආයෝජකයා සමාගමේ වගකිව යුතු නිලධාරීන් සේවයෙන් ඉවත්කිරීමට වුව පියවර ගත හැකිය. නිදසුනකින් පැහැදිලි කළහොත් මා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට කටයුතු කරන සමයේදී එක්තරා සමාගමක් කළ වැරැදි වැඩක් නිසා ඊට දඩයක් අය කිරීමට අපි කටයුතු කළෙමු. ඇමෙරිකානු ඩොලර් මිලියනයක් මහජනයාට ගෙවන්නට එම සමාගමට සිදු වූ අතර සිද්ධියෙන් පසු එහි ප්‍රධාන විධායක නිලධාරියාට ජපානයට කැඳවීමක් ලැබිණි. එසේ බලද්දී නියාමනය කෙරෙන්නේ තරගකාරී පෞද්ගලික අංශය බව පෙනේ. මන්දයත් තනි රාජ්‍ය ආයතනයක් නියාමනය කර ඊඩ දඩ ගැසීම අර්ථවිරහිත ක්‍රියාවකි. 
නිදසුනකට ලංකා විදුලිබල මණ්ඩලය කරන වැරැද්දකට දඩයක් ගැසුවොත් එය ගෙවන්නේ නැවත ආණ්ඩුවෙනි.  එනම් මහජනයාය. එනිසා විය යුත්තේ පෞද්ගලික ආයෝජනවලට ඉඩ ලබාදී ඒවා නියාමනයයි. නියාමනය නමැති සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ 1990 ගණන්වලය. ඒ, තරගකාරීත්වය වෙළෙඳපොලට දැමීමෙන් පසුය. නිදසුනකට නිවෙස්වල භාවිතයට ගන්නා ගෑස් ගනිමු. මුලදී පැවැතියේ ගෑස් සම්බන්ධයෙන් රජයේ ඒකාධිකාරියකි. පසුව එය බිඳ දැමිණි. අනතුරුව ලාෆ් හා ලිට්රෝ නමින් තරගකරුවෝ දෙදෙනෙක් තරගබිමේ වූහ. එය නියාමනයට කිසියම් පද්ධතියක් තිබිය යුතු යැයි මතයක් ද විය. ලිට්රෝ පූර්ව සමාගම වූ ෂෙල්ට ලිඛිත පොරොන්දුවක් දී තිබුණේ නියාමන ආයතනයක් ලබාදෙන බවටය. එහෙත් එය සිදුවුණේ නැත. එවකට ද මේ කටයුතු බාරව සිටියේ පී.බී ජයසුන්දර මහතාය. 
විදුලි සංදේශ විෂය ගත්තත් සිදුවුණේ තරගකාරීත්වයක් ඇති කර නියාමනයයි. එහෙත් විදුලි ක්‍ෂේත්‍රයේ කිසියම් හෝ පෞද්ගලික ආයෝජනයකට මේ තරගකාරීත්වය ගැන චෝදනා කරන මේ ආණ්ඩුවේම පිරිස් 100%ක් විරුද්ධය. පෞද්ගලික රාජ්‍ය සහභාගීත්වයක් සහිත ආයෝජනවලට පාර කපන්නට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරද්දී ඊට විරුද්ධ වුණේ මේ ආණ්ඩුවේම පිරිස්ය. එනිසා ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් නම් පෙනෙන්නේ ආණ්ඩුව නියාමනයට කැමැති නැති බවය. 
ඇතැමුන් නගන තර්කයක් වන්නේ මහජන උපයෝගිතා කොමිසම අසාධාරණ මිල අයකිරීම්වලට එරෙහි නොවූයේ මන්ද කියාය. විදුලිය වැනි ක්‍ෂේත්‍රයකදී මිලදී ගැනීම් හෝ ආයෝජන ගැන කිසිදු පාලනයක් කොමිසමට නොදී එහි පිරිවැය ගණන් හදා එය පියවීමට විදුලි ගාස්තු අය කරගන්නැයි කී විට සිදුවන්නේ කුමක්ද? අනිවාර්යෙන්ම මිල ඉහළ යෑමය. ආණ්ඩුව ජනතාවට මේ බව කියන්නේ නැත. මෙම කාරණා දෙස සැලකිල්ලක් නැතිව එම තර්කයම සෙසු නියාමන ආයතනවලට ද එල්ල කිරීමෙන් ආණ්ඩුව කියන්නේ එක්කෝ නියාමනය ගැන ඇති නොදැනීමයි. එසේ නැත්නම් දූෂණවිරෝධී ක්‍රියාමාර්ගවලට විරුද්ධ බවය. මෙය ඉතා කනගාටුදායකය.  

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...