25 C
Colombo
Sunday, May 19, 2024

ඇෆ්ගනිස්තානයේ සුලු ජනකොටස් ආරක්ෂා නොකරන බවට තලේබාන් සංවිධානයට චෝදනා

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි. එස් කොරසාන් සටන්කාමීන් විසින් එරට වෙසෙන හසාරා ඇතුලු සුළු ජනකොටස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට හියුමන් රයිට්ස් වොච් ආයතනය චෝදනා කරයි.

එම ආයතන පවසන්නේ ඉස්ලාම් දේවස්ථාන, පාසල් සහ සේවා ස්ථාන ඉලක්ක කර කොරසාන් සටන්කාමීන් එම ප්‍රහාර එල්ල කරන බවයි.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස් සටන්කාමීන් විසින් එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර වලින් සුළු ජන කොටස් ආරක්ෂා කර ගැනීම සදහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ගය ගැනීමට තලේබාන් සංවිධානය අපෝසත් වී ඇති බවද හියුමන් රයිට්ස් වොච් ආයතනය පෙන්වා දෙයි.

අවදානම්කාරී අවස්ථා වලදී සුලු ජනකොටස් ආරක්ෂා කිරීමටත්, ප්‍රහාරවල වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්ෂා කිරීමටත් තලෙයිබාන් සංවිධානය බැදී සිටින බව ද හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසා ඇත.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ අයි එස් සටන්කාමීන් විසින් හසාරා ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර 13 ක් පමණ එල්ල කර ඇති අතර ඉන් මියගොස් සහ තුවාල ලබා ඇති පිරිස 700 කට අධික බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...