29 C
Colombo
Saturday, July 27, 2024

අරාබි බස හා කුරානය අනිවාර්යය කිරීමට එරෙහිව පාර්ශව රැසකින් පකිස්තාන රජයට විරෝධය

- Advertisement -

පකිස්තාන රජය එරට පාසල් තුළ අරාබි භාෂාව සහ කුරානය ඉගැන්වීම අනිවාර්ය කර තිබේ.

මී⁣ට අදාළ නීතිවලට පසුගියදා පකිස්තාන පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවු අතර ඒ අනුව අදාළ නීතිය වහාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් පකිස්තානයේ සිවිල් ක්‍රියාකාරිකයන්, අධ්‍යාපනඥයන්, සිසුන් ඇතුලු පාර්ශව රැසක විරෝධය පළව තිබේ.

ඔවුන් සදහන් කර ඇත්තේ මෙම හදිසි තීරණය කොරෝනා වසංගතයෙන් පීඩා විදිමින් සිටින පකිස්තාන දරුවන්ට අමතර කරදරයක් බවයි.

කැමැත්ත අනුව ඉගෙනීමට අවස්ථාව ලබාදීම යෝග්‍ය වුවත් අරාබි බස සහ කුරානය ඉගැන්වීම අනිවාර්යය කිරීම අසාධාරණ මෙන්ම සහ අයිතීන් උල්ලංඝනයක් බවද එම පාර්ශව පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් එරට මාධ්‍ය වාර්තා කරන්නේ ආගමික කණ්ඩායම්වල බලපෑම් හේතුවෙන් මෙම තීරණය සම්බන්ධයෙන් වි⁣රෝධය පළ කිරීමට බොහෝ පාර්ශව බියෙන් පසුවන බවයි.

පකිස්තානයේ විවිධ භාෂා සහ මාධ්‍ය රැසකින් අධ්‍යාපනය ක්‍රියාත්මක වන අතර ⁣නව තීරණයත් සමග එහි ගුණාත්මක බව පහළ යනු ඇති බව ඇතැම් අධ්‍යාපනඥයෝ ප්‍රකාශ කරති.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...