31 C
Colombo
Saturday, July 27, 2024

ඊශ්‍රායලයත් චීනයට එරෙහිව යයි

- Advertisement -

චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් මුස්ලිම් සුලුතරයේ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවකට ඊශ්‍රායලයද අත්සන් තබා තිබේ.

කැනඩාව විසින් තවත් රටවල් 45 ක් සමග එක්ව ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඊශ්‍රායලය ද අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ඊශ්‍රායල විදේශ ප්‍රතිපත්තියේ හැරවුම් ලක්ෂයක් බවත් ඔවුන් ජිනීවාහි මෙවැනි මානව හිමිකම් යෝජනාවකට අත්සන් තැබූ ප්‍රථම අවස්ථාව මෙය බවත් සදහන් වේ.

චීනය සමග බොහෝදුරට සහයෝගයෙන් කටයුතු කරන ඊශ්‍රායලය මෙවැනි යෝජනාවකට සහය පළකිරීමද විමතියට කරුණක් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ දැඩි ඉල්ලීම් හේතුවෙන් චීනය විසින් මෙය සිදුනොකරන ලෙස ඉල්ලා සිටියදීත් ඊශ්‍රායලය මෙම යෝජනාවට අත්සන් තබා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...