28 C
Colombo
Saturday, July 27, 2024

රෆා නගරයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

- Advertisement -

ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින බවට පලස්තීන රතු කුරුස සංවිධානය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාර හමුවේ විශාල පිරිසක් මියගොස් ඇති බවයි.

නගර මධ්‍යයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල වී ඇති බවද සඳහන් වනවා.

මිලියන 1.5ක ජනතාවක් මේ වන විට රෆා නගරයට එක්රැස් වී සිටින අතර, ඊශ්‍රායලය සැලසුම් කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර රටවල් රැසක් අනතුරු අඟවා තිබුණා.

සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර නොගෙන යුධ මෙහෙයුමක් සිදු නොකළ යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ඊශ්‍රායලයට දන්වා සිටියා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...