25 C
Colombo
Saturday, December 9, 2023

උතුරු ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

- Advertisement -

ඊශ්‍රායලය ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ පාසලකට බෝම්බ හෙළා තිබෙනවා.

හමාස් සංවිධානය පවසන්නේ ඉන් 50 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි.

ගාසා තීරයේ උතුරේ ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන අල් – ෆකුරා පාසලට මෙලෙස බොම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ජබාලියා කඳවුර ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන වෙනවා.

මේ අතර, රෝගීන් ඇතුලු සිය ගණනක් ගාසා නගරයේ ප්‍රධාන රෝහල වන අල්-ශිෆා වෙතින් පිටව ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මේ වනවිටත් රෝහල තුළ සහ අවට පරිශ්‍රයේ දරුණු ගැටුම් පවතින බවයි.

එමෙන්ම, රෝහල තුළ කාන්තාවන් සහ දරුවන් තුවාල සහිතව වැතිර සිටින බවත් එම වාර්තාවල සඳහන්.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 12,300 දක්වා ඉහළ ගොස් තවත් 2,000කට වැඩි පිරිසක් සුන්බුන් වලට යට වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...