29 C
Colombo
Friday, May 17, 2024

ඉරානයේ හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාර, ගුවන් ආරක්ෂාව තර කෙරේ

- Advertisement -

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ගුවන් ආරක්ෂක අංශ විසින් ඉෆ්සාහාන් නගරය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර තුනක් ව්‍යර්ථ කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉරාන බලධාරීන් පෙන්වා දී ඇත්තේ, ඉස්ෆහාන් නගරයේ ගුවන් තොටුපළ සහ හමුදා කඳවුරක් ආසන්නයේ පිපිරීම් තුනක් පිළිබඳව වාර්තා වූ අතර ඒ හේතුවෙන් ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බවයි.

මේ අතර, ප්‍රහාර හේතුවෙන් ඉරානයේ නගර කිහිපයකම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

කෙසේවෙතත්, මේ වන විට ටෙහෙරානයේ Imam Khomeini ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බව ඉරාන මාධ්‍ය පෙන්වා දෙනවා.

අප්‍රේල් 13 වන දින ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වෙනවා.

කෙසේවෙතත්, ඉරානය විසින් දියත් කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් යළිත් ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය දැනුම් දීමත් සමඟ ඉරානය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙනවා.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...