25 C
Colombo
Saturday, December 9, 2023

ඊශ්‍රායල හමුදා විසින් ගාසාහි රෝහලක් වටලයි

- Advertisement -

සති 06ක් ගතවී ඇති බියකරු ගාසා මෙහෙයුමේ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ගාසා නගරයේ අල් ෂිෆා රෝහල වටලෑම සාධාරණීයකරණය කිරීමට ඊශ්‍රායලය, හමාස් සංවිධානයට අලුත් චෝදනාවක් එල්ල කළා.

ඒ, හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල සෙබළියක, රෝහල තුළදී ඝාතනය කළ බවට සහ එහි ප්‍රාණ ඇපකරුවන් රැගෙන ආ බවට සාක්ෂි පවතින බව පවසමින්.

හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබුණේ, එම සෙබළිය ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇය මියගිය බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඇයට මාරාන්තික තුවාල සිදුවිය නොහැකි බවත්, ඇය හමාස් සංවිධානය විසින් රෝහල තුළදී ඝාතනය කළ බවට තොරතුරු පවතින බවත්, ඊශ්‍රායලය ප්‍රකාශ කළේ වැඩිදුර විස්තරයක් සඳහන් නොකරමින්.

මෙවන් පසුබිමක උතුරු ගාසාහි ඇති තවත් විශාල රෝහලක් වන ඉන්දුනීසියානු රෝහලට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබෙනවා.

එහිදී 12 දෙනෙකු මියගොස් වෛද්‍යවරු දෙදෙනෙක් තුවාල ලැබූ බවද සඳහන්.

නවතම වාර්තා සඳහන් කළේ, ඊශ්‍රායල යුද ටැංකි ගාසා නගරයේ ඉන්දුනීසියානු රෝහල වටලා ඇති බවත් හමුදාව ඊට ඇතුළුවීමට සූදානම්ව සිටින බවයි.

මේ අතර, දකුණු ගාසාහි ඛාන් යුනිස් නගරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එහි සරණාගත කඳවුරු ජලයෙන් යටවී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන්, කඳවුර තුළ පාචනය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...