33 C
Colombo
Friday, May 3, 2024

2014 ලෝක කුසලාන විජයග්‍රහණයට වසර 10යි

- Advertisement -

2014 වසරේ අප්‍රේල් හය වෙනිදා ඉරිදා දිනයක් වූ බැවින්ම නිවාඩු පාඩුවේ සිටි පිරිස එදින පෙරවරුවේ කඩි මුඩියේ ලෑස්ති වුණේ හවස්වරුව සදහා විශේෂ සුදානම් වීමක් සඳහායි.

කුඩා හෝටල් සහ ආපන ශාලාවල මෙන්ම ඇතැම් නිවෙස් වලත් පුළුල් තිර සවි කළේ හවස්වරුවේ තිබෙන මේ සුවිශේෂී කටයුත්ත වෙනුවෙන්.

බොහෝ නිවාස වල කෑම බීම පවා සුදානම් කරගනිමින් හවස් වරුව වනවිට සියලුදෙනාම පාහේ රුපවාහිනිය ඉදිරියට එක් රොක් වුණා.

තවත් සමහරු විශාල පුළුල් තිර සවිකර තිබු ස්ථාන වෙත ඒකරාශී වුණා.

ඒ අන්කිසිවකට නොවේ, 2014 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගය නැරඹීම සදහායි.

එදින පස්වරුවේ බංග්ලාදේශයේ ඩකා හි ශරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේදී 26,000 කට අධික ප්‍රේක්ෂකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් 2014 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගය ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව, දෙවැනි පන්දුවාරයේ දී පන්දුව අතට ගත් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් අජින්ක්‍යා රහනේගේ ඉනිම ලකුණූ 3කට සීමා කළා.

අනතුරුව පිටියේ එක්වූ විරාට් කෝලි රෝහිත් ශර්මා සමග ලකුණූ 60ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දියාව නැවතත් තරගයට අවතීර්ණ කරනු ලැබුවා.

එහෙත්, තරගයේ අවසන් පන්දු වාර කිහිපයේ ලසිත් මාලිංගගේ ප්‍රතිලෝම දෝලනය (Reverse Swing) කළ පන්දු සහ නුවන් කුලසේකර නිසි එල්ලයට එල්ල කළ පන්දු හමුවේ ප්‍රවේගකාරී යුවරාජ් සිං සහ නායක ධෝනි අන්ත අසරණ වූවා.

යුවරාජ් 21 කට මුහූණ දෙමින් ලකුණූ 11ක් ලබාගත් අතර, ධෝනි පන්දු 7 කදී ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

සටන්කාමී පන්දු රැකීමක් සහ පන්දු යැවීමක නිරත වුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දීය ඉනිම ලකුණු 130 කට සීමා කළා.

මැතිවුස්, කුලසේකර හා රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස දෙවන පන්දු වාරයේදී කුසල් ජනිත් දැවී ගියා.

අනතුරුව ඩිල්ෂාන් ලකුණූ 18ක්, මහේල ලකුණු 24ක් සහ තිරිමාන්න ලකුණු 7ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට ප්‍රභල ඉන්දීය පන්දු යවන්නන්ට හැකි වුණා.

පන්දු වාර 12යි පන්ටදු 3ක් තුළ ලකුණු 78ක් ලබා කඩුලු 4ක් දැවී තිබියදී පිටියේ එක් වුනු කුමාර සංගක්කාර සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ජය තහවුරු කළේ, නොබිඳුනු වේගවත් ලකුණු 56ක සම්බන්ධතාවයක් පන්දු 32ක් තුළ ගොඩනගමින්.

තරගයේ 17 වන පන්දු වාරයේ පස්වන පන්දුවට රවිචන්ද්‍රන් අශ්වින්ගේ හිසට ඉහළින් තිසර එල්ල කළ හයේ පහරකින් ශ්‍රී ලංකාවේ මංගල විස්සයි විස්ස ලෝක කුසලාන ජය වාර්තා වුණා.

එම හයේ පහර සමගම ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රිකට් පිපාසය සන්සිදවමින් ප්‍රීති ඝෝෂා රට වටින්ම වාර්තා වුණා.

වීදි පුරා පෙළපාලි යමින් කෑ කෝ ගසමින් ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි පිරිස් එදා සිය සතුට සමරන්නට වුණා.

සංගක්කාර පන්දු 35කදී නොදැවී ලකුණු 52යි. තිසර පෙරේරා පන්දු 14 කදී වේගවත් ලකුණූ 23 ක් වාර්තා කළේ හයේ පහර 3ක් සමගින්.

තරගයේ වීරයා වුණෙ කුමාර සංගක්කාරයි.

ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ ‘මහමොළකරුවකු’ වූ මහේල ජයවර්ධන තම මතකය මෙලෙස අවධි කළා.

“2014 වස්සයි-20 ලෝක කුසලාන අවසන් තරගය ඉතාමත් සුන්දර තරගයක්. ඒ තරග ජයග්‍රහණය අපි ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා වාසීන් හැමදෙනාම ඉතාමත් සතුටින් භුක්ති වින්දා. කණ්ඩායම විදියට ගත්තොත් ලෝක කුසලාන 4 ක් හෝ 3 ක අවසන් මහ තරග වලට ඇවිල්ලා පරාජය වෙච්ච ක්‍රීඩකයින් බොහේ දෙනෙක් මේ 2014 කණ්ඩායමේ හිටියා. අවසන් තරගවල පරාජය වෙලා ඒ අත්දැකීම් එක්ක වගේම කණගාටු තත්ත්වයත් එක්ක 2014 අපිට විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න ලැබීම ගොඩක් සතුටට කාරණයක්.

අපි ලංකාවට ආවහම අපිව ජනතාව විසින් පිළිගත්තු විදිහත් මං හිතන්නේ මට කවදාවත් අමතක නොවන දෙයක්. අපිට හැකියාවක් ලැබුණා 1996 පන්දු වාර 50 ලෝක කුසලාන ජයග්‍රහණයත් එක්ක විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට එකතු කරන්න.මං හිතන්නේ ඒක ඉතාමත් වාසනාවන්ත දෙයක්”

එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලද පිතිකරුවා වූයේ මහේල ජයවර්ධනයි. තරග 6 කට ක්‍රීඩා කළ මහේල ලකුණු 158 ක් රැස් කරන ලද්දේ අවසන් මහ තරගයේදී ලද ලකුණු 24 ද සමඟින්.

පන්දු 24 කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාව සදහා මහේල හතරේ පහර 4 ක් එල්ල කළා.

මෙම ජයග්‍රහණය මහේලට සුවිශේෂී වන තවත් කරුණක් වන්නේ අදාළ අවසන් මහ තරගය මහේලගේ විස්සයි – විස්ස තරග දිවියේ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත්වීමයි.

ලොව පුරා කණ්ඩායම් 16 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණයෙන් පසු මහේල මෙන්ම කුමාර් සංක්කාරද සිය විස්සයි-විස්ස ජාත්‍යන්තර තරග දිවියට සමු දීම ක්‍රීඩා ලෝලීන්ගේ ඇසට කඳුළක් එක් කරන සිදුවීමක් බවට පත් වුණා.

ශ්‍රී ලංකාව මේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේ විජයග්‍රහණයට අදට වසර 10 ක් සපිරෙනවා.

මෙම ඓතිහාසික විජයග්‍රහණය සැමරීම සදහා අද විශේෂ වැඩසටහන් සංවිධාන කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...