32 C
Colombo
Friday, June 2, 2023

රිළවු ගැන කරුණු කියන්න ජුනි 26 තෙක් කල්දෙයි

- Advertisement -

රිලවුන් චීනයට අපනයනය කිරීම තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ට කරුණු දැක්වීම සඳහා නීතිපති අධිකරණයෙන් කල් ඉල්ලයි.

මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද(26) අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත ජුනි මස 26 වැනිදා තෙක් කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම නැවත ලබන 26 වනදා කැඳවන ලෙස නියෝග කළ අධිකරණය එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට කල් ලබා දුන්නා.

ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි ඔටාරා ගුණවර්ධන රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පරීක්ෂණ කටයුත්තක් සඳහා මේ රට රිලව් ලක්ෂයක් චීනයේ පිහිටි පෞද්ගලික සමාගමක් වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මෙම ක්‍රියාව තුළින් බරපතළ සත්ව හිංසනයක් සිදුවන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් කියා තිබෙනවා.

එබැවින් මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ අපනයන කිරිම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ අමාත්‍යාංශ තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...