29 C
Colombo
Saturday, July 27, 2024

QR එකට පිටින් ඉන්ධන දෙන පිරවුම්හල්වලට වැඩ වරදියි

- Advertisement -

QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත්කරන පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය හා පරිපාලනමය තීරණ ගන්නා බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇත්තේ සියලුම ඉන්ධනහල් වෙත බෙදා හරින ලද ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත්කිරීම පිළිබඳ දත්ත පරීක්ෂා කර අදාළ ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත්කර ඇති පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි.

මීට අමතරව පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ (14) ප්‍රකාශයට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...