28 C
Colombo
Saturday, July 27, 2024

විදුහල්පති තීන්දුව වෙනස් කරන්න ආණ්ඩුවට සතියක්

- Advertisement -

සේවා ව්‍යවස්ථාවේ බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් විදුහල්පතිවරුන් හාරදහස් හයසීයක් පත්කිරීමට ගෙන ඇති කැබිනට් තීන්දුව ආණ්ඩුව සතියක් ඇතුලත හකුලා ගත යුතු යැයි ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් ඒකාබද්ධව අවධාරණය කරයි.

ආණ්ඩුව දේශපාලන තීන්දුවක් ගනිමින් මෙසේ පත්වීම් දෙන්නට යන්නේ සිය හෙංචයියන්ට යැයි ද එය ආපසු හරවා නොගතහොත් දැඩි වෘත්තිය සමිති පියවරකට යෑමට ගුරුවරුන් කටයුතු කරන්නේ යැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘නිව්ස් 19’ ට පැවැසීය.

ආණ්ඩුව මෙවැනි තීන්දුවක් ගෙන තිබෙන්නේ ජාතික පාසල් 174ක විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා පත්වීම් නොදී තිබියදී යැයි කී හෙතෙම මෙය තනිකරම දේශපාලන තීන්දුවක් යැයි චෝදනා කළේය.

විදුහල්පති සේවයේ 1,2,3 ශ්‍රේණිවල පුරප්පාඩු 4600 ක් ඇති බවටත් ඒ සඳහා වැඩ බලන විදුහල්පතිවරු, රාජකාරි ආවරණය කරන විදුහල්පතිවරු සහ ගුරු සේවයේ සුදුසුකම් සම්පූර්ණ කරන ගුරුවරුන් පත්කිරීමට යෝජනා කරන බවටත් වශයෙන් වූ කැබිනට් පත්‍රිකාවක් පසුගියදා අනුමත කෙරිණි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...