31 C
Colombo
Sunday, June 4, 2023

ඉතාලිය දසවන වරටත් පාපන්දු තරඟාවලියක අවසන් මහා තරඟයට

- Advertisement -

දඬුවම් පහර මගින් ස්පාඤ්ඤය පරාජය කරමින් යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ඉතාලිය සමත් වුණා.

තරඟයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම තියුණු තරඟයක නිරත වුවද කිසිවෙකුට හෝ ගෝල ලබා ගැනීම⁣ට හැකි වූයේ නැහැ.

තරඟයේ දෙවන අර්ධයේදී සිය ආක්‍රමණය දැඩි කළ ඉතාලිය වෙනුවෙන් තරඟයේ 60 වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගන්නට Federico Chiesa සමත් වුණා.

නමුත් ඉතාලි ආධිපත්‍යය තවදුරටත් රැකගැනීමට ඉඩනොදුන් ස්පාඤ්ඤයේ Alvaro Morata 80 වන මිනිත්තුවේදී තරඟය 1-1 ලෙස සම තත්ත්වයට රැගෙන ආවා.

එතැන් සිට කණ්ඩායම් දෙකටම නියමිත කාලයේදී හා ඉන්පසු ලැබුණු අතිරේක මිනිත්තු 30 කාලය තුලදී එකිනෙකාගේ දැල ආක්‍රමණය කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව තරඟයේ ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවූයේ දඬුවම් පහර අවස්ථාව මගින්.

පලමු අවස්ථාව ඉතාලියට හිමි වූ අතර කණ්ඩායම් දෙකටම පළමු දඬුවම් පහර සාර්ථක කරගැනීමට හැකිවූයේ නැහැ.

කණ්ඩායම් දෙකම දෙවන හා තුන්වන අවස්ථා දෙකම සාර්ථක කර ගැනීම හේතුවෙන් තරඟය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තා.

සිව්වන දඬුවම් පහර ඉතාලිය සාර්ථක කරගනිද්දී ස්පාඤ්ඤයට එය අහිමි වුණා.

Jorginho පා පහරින් නික්මුණු පන්දුව ස්පාඤ්ඤ දැල් රකින්නා අන්දමන්ද කරමින් දැල තුළට ඇතුළු වූයේ ඓතිහාසික ජයග්‍රහණයක් ඉතාලියටත් ස්පාඤ්ඤයට ඒ හා සමාන පරාජයකුත් අත්කර දෙමින්.

ඒ අනුව තරඟයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ ගෝල 1- 1 ක් සහ දඬුවම් පහර 4-2 ක් ලෙසින්.

ඉතාලිය ප්‍රධාන පෙලේ පාපන්දු තරඟාවලියක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ 10 වන අවස්ථාව මෙය වන අතර යූරෝ කුසලානයක සිව්වන අවස්ථාවයි. (ඉතාලිය පාපන්දු ලෝක කුසලාන 6ක අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත.)

අවසන් පූර්ව තරඟයකදී පරාජයක් වැළඳ ගන්නට ස්පාඤ්ඤයට සිදුවූයේ පළමු වරටයි.

මීට පෙර ස්පාඤ්ඤය ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියකම තමන් සහභාගීවූ අවසන් පූර්ව තරග පහම ජයගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පුද්ගල මළසිරුරක් හමුවෙයි

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...