ජනාධිපතිවරයා සමාජ සාධාරණත්වය කනපිට හරවමින් විපක්ෂයට ආණ්ඩුවට එකතු වෙන්නැයි ආරාධනා කිරීම විහිලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ඔහු කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සම්මත කරගත් ඔන්ලයින් පනත යටතේ ගනු ලබන නීති ක්‍රියාමාර්ග වල කිසිදු වලංගුභාවයක් නැති බවයි.
මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ප්‍රථම අත්අඩංගුවට ගැනීම පසුගියදා සිදු වූ බවත්, මැතිවරණ ඉලක්ක කර ගනිමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා මෙම පනත ආණ්ඩුව විසින් ගෙන ආ බවත්, ඔහු සඳහන් කළා.