27 C
Colombo
Wednesday, April 23, 2025

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් චීනයට චෝදනාවක්

- Advertisement -

චීනය ඉන්දියාව සමඟ ඇති ද්විපාර්ශ්වික දේශසීමා ගිවිසුම් නොසලකා හැර ඇති අතර, නැගෙනහිර ලඩාක් හි පවතින දේශසීමා ස්ථාවරය චීනය සමඟ ඉන්දියාවේ සබඳතා කෙරෙහි බලපෑමක් ඇති බව විදේශ අමාත්‍ය එස්.ජයශංකර් බ්‍රසීලයේ පැවති උත්සවයකදී පැවසීය.

සාඕ පාඕලෝ හි ප්‍රජා වැඩසටහනකට සහභාගිවෙමින් අමාත්‍යවරයා කියා සිටියේ 1990 ගණන්වල සිට ඉන්දියාව චීනය සමඟ ගිවිසුම් ඇතිකරගෙන ඇති අතර එමගින් දේශසීමා ප්‍රදේශයට විශාල වශයෙන් හමුදා ගෙන ඒම තහනම් කර ඇති බවයි.

නමුත් ඔවුන් එය නොසලකා හැර ඇති බවත් මෙම කාලය ඉන්දියාව චීනය සමඟ ඇති සබඳතාවයේ ඉතා දුෂ්කර අවධියක් බව රහසක් නොවන බවත් අමාත්‍ය ජයි ශංකර් පැවසීය.

කල්පවත්නා සබඳතාවයක් එක් මාවතක් විය නොහැකි බවත් එය පවත්වා ගැනීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය සංවේදීතාව තිබිය යුතු බවත් අමාත්‍ය ජයශංකර් මෙහිදී පැවසීය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, චීනය ඉන්දියාවේ අසල්වැසියන් බවත්, පුද්ගලික ජීවිතයේදී සහ රට අනුවද සෑම කෙනෙකුම තම අසල්වැසියා සමඟ සුහදව කටයුතු කිරීමට කැමති නමුත් සෑම කෙනෙකුටම සාධාරණ කොන්දේසි මත සුහද වීමට අවශ්‍ය බවයි.

” මම ඔබට ගරු කළ යුතුයි. ඔබ මට ගරු කළ යුතුයි, එබැවින් අපගේ දෘෂ්ටිකෝණයෙන්, අපි සම්බන්ධතාවය ගොඩනඟා ගත යුතු අතර අන්‍යෝන්‍ය ගෞරවය තිබිය යුතු බව අපට ඉතා පැහැදිලිය. සෑම කෙනෙකුටම ඔවුන්ගේ අවශ්‍යතා ඇති අතර සම්බන්ධතාවයක් සඳහා අන් අය කෙරෙහි ඇති සැලකිල්ල ගැන අපි සංවේදී විය යුතුය,”යනුවෙන් අමාත්‍ය ජයශංකර් වැඩිදුරටත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES