24 C
Colombo
Tuesday, March 5, 2024

වැඩේ අනාගත්තාට පස්සේ ආණ්ඩුව IMF යන්න හදනවා – ධනනාත් ප්‍රනාන්දු

- Advertisement -

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මේ මොහොතේ කටයුතු කරනු ලබන්නේ සියලු කාර්යයන් අසාර්ථක කරගැනීමෙන් පසුව බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ මොහොතේ දී මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙත මුදල් ආධාර ලබා දීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ

ඒ, ඊයේ (11) පෙරවරුවේ රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වෙමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවට මුදල් ආධාර කළ හැක්කේ, ශ්‍රී ලංකාවේ ණය ස්ථාවර නම් පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් ධනනාත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

“මුලින්ම අවබෝධ කරගන්න ඕන දේ තමයි IMF එකට මේ වෙලාවේ අපට සල්ලි දෙන්න බෑ. IMF එකට සල්ලි දෙන්න පුළුවන් අපේ රටේ ණය ස්ථාවර නම් පමණයි. එතකොට IMF වාර්තාවේ කියලා තියනවා debt is unsustainable කියලා. ඒ කියන්නේ ඔවුන්ට අපට සල්ලි දෙන්න බෑ.

නමුත් ඔවුන් අපිත් එක්ක බැඳිලා ඉන්නවා, අපි සාමාජිකයෙක් නිසා තාක්ෂණික සහයෝගය ලබා දෙන්න. අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕන, දැන් මේ ඇවිල්ලා තියන ප්‍රශ්න ටික ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ, අපි IMF ගියෙත් නැහැ, නැගෙනහිර ජැටිය දුන්නේත් නැහැ, MCC අත්සන් කළේත් නැහැ, මොකක්වත් කරන්නේ නැතුවනේ අපි මෙතනට ඇවිත් තියෙන්නේ. එතකොට මොකක් හරි අපි ගත්ත ප්‍රතිපත්තිවල වරදක් තියනවනේ. මෙච්චර මේ මිනිස්සු ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ IMF ගියේ නැති නිසානේ. යන්නේ නැතුවනේ. එතකොට අපි එතනින් තමයි වැඩේ පටන් ගන්න ඕන.

එතකොට IMF ගියාට පස්සේ සල්ලි ගන්න අමාරුයි, තාක්ෂණික සහය තමයි ගන්න පුළුවන්. ඉතින් සමහර රටවල් තියනවා ගොඩ එනවා කියලා කියන්නේ, IMF එක කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ තමයි. විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ ඒකෙන් අදහස් කරන්නෙ නෑ මේ ගොල්ලෝ ඔක්කොම දන්නවා කියලා. මේ ඇවිල්ලා අපි අර කියන්නේ අසනීප වෙලා, අපි වැරදි විදිහට කෑම කාලා ඔක්කොම සවුත්තු වෙලා දැන් හිර වෙලා කොන්ද රිදිලා ඔක්කොම වෙලා හාර්ට් එක අමාරු වුණාට පස්සේ අපිට වෙන Option එකක් නැහැනේ. එතකොට යන last resort එක තමයි IMF එක.

ඉතින් අපි last resort එකට 16 වතාවක් ගිහින් තියනවා. එකක් අර ඔබතුමන්ලගේ සාකාච්ඡාවේ හිටපු අග්‍රාමාත්‍යතුමා කියලා තියනවා IMF එකේ ලංකාවටයි පකිස්තානයටයි අනිවාර්ය ඇඳන් දෙකක් තියලා තියනවා, ඔක්සිජන් එකක් තියලා තියනවා කිව්වා ආජන්ටිනාවට. ඉතින් ලංකාව 16 වතාවක් ගිහිල්ලා තියනවා කලින්. එතකොට මේ ඇවිල්ලා IMF එකට යන එක ඇවිල්ලා අර අපේ භාෂාවෙන් අන්තිමම අපි වැඩේ අනාගත්තට පස්සේ තමයි යන්නේ. සමහර රටවල් තියනවා, ඒකෙන් ගත්ත සහයෝගය අරගෙන ඉස්සරහට ගිහිල්ලා තියනවා.

ඇත්තටම මම දැක්කා ජනාධිපතිතුමා පත් කරලා තියන කමිටුවේ ශාන්තන් දේවරාජන් මහත්මා ප්‍රකාශ කරා රටවල් බොහොමයක් IMF එකට ගියාට පස්සේ යම් කිසි ස්ථාවර තත්ත්වයකට ආවා කියලා ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාත්මක කළානම්. ඉතින් ඒක තමයි එතුමාගේ හැදැරීම ඒක මගේ හැදෑරීම නෙවෙයි. නමුත් අපි IMF එකට යන්නේ සම්පූර්ණයෙන් වැඩේ අනාගත්තට පස්සේ. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ තියෙන්නේ IMF එකට නොයන විදිහට වැඩ කරගන්න.”

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...