29 C
Colombo
Thursday, June 1, 2023

ජැක් මා ව්‍යාපාරවලින් ඈත් වෙයි

- Advertisement -

සුප්‍රකට අලිබාබා සමාගමේ නිර්මාතෘවරයාද, චීනයේ ඉහළම ධනපතියකුද වන ජැක් මා මේ දිනවල ඉතා අප්‍රකටව ජීවත් වන බව ඔහුගේ ව්‍යාපාරික සගයකු වන ජෝ ට්සායි ප්‍රකාශ කර තිබේ. ට්සායි යනු අලිබාබා සමාගම ආරම්භ කිරීමට ජැක් මා සමග එක්ව කටයුතු කළ අයෙකි. ඔහු පවසා ඇත්තේ මේ දිනවල ජැක් ප්‍රසිද්ධ අවස්ථාවන්ට එතරම් සහභාගි නොවන බවයි.

‘ඔහු බොහොම හොඳින් කල්ගත කරනවා. ඔහු විනෝදාංශයක් ලෙස මේ දිනවල චිත්‍ර ඇඳීමෙහි යෙදී සිටිනවා. ඇත්තෙන්ම ඔහු එය ඉතා හොඳින් කරගෙන යන බව පැවසිය යුතුයි’ යනුවෙන් ට්සායි මාධ්‍යට පවසා තිබිණි.

මෙයට මාස කිහිපයකට පෙර චීනයේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ බලධාරීන් සහ ජැක් මා අතර ගැටුම්කාරී තත්ත්වයක් පැන නැගිණි. ඒ, ජැක් එරට මූල්‍ය රෙගුලාසි විවේචනය කිරීමත් සමගිනි. එය බලධාරීන්ගේ සතුටට හේතු නොවූ බව පෙනිණි. ඊට ප්‍රතිචාර දක්වමින් අලිබාබා සමාගම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට පවා ඔවුහු පියවර ගත්හ. මෙම ගැටුම් ඉදිරියට යද්දී පසුගිය වසරේදී ජැක් මා ටික කලක් සම්පූර්ණයෙන්ම අතුරුදන් වී සිටියේය.

‘මෙපමණ කලක් ව්‍යාපාර වෙනුවෙන් වෙහෙස වීමෙන් පසු දැන් ජැක්ට වුවමනා වී ඇත්තේ ඔහු කරන්නට ආසාවෙන් සිටි වෙනත් කටයුතුවල නිරත වීමටයි.’

යැයි ජෝ ට්සායි තවදුරටත් සඳහන් කර තිබේ.

‘ඔහු ගේ විනෝදාංශ සහ සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට ඔහු බලාපොරොත්තු වෙනවා’

යැයිද ඔහු පවසා තිබිණි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...