28.9 C
Colombo
Thursday, March 27, 2025

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතකයා රෝහලේදී මරුට

- Advertisement -

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැත්තා හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම තැනැත්තාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මාර්තු 31 වන දින මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊට සුළු වේලාවකට පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස මියගිය පූබාලසිංහම් 39 වැනි වියේ පසුවන අතර ඔහු මරණ දණ්ඩනය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බව පොලීසිය පවසනවා.

මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට යොමු කර සිටි මොහු විටින් විට රෝගාතුර වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව බව පොලීසිය සඳහන් කරනවා.

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ලෙස ස්විස් කුමාර් ඇතුළු හත්දෙනෙකුට මරණ දඬුවම ප්‍රකාශයට පත් කර තිබුණා.

විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේ දී ඝාතනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනෙකුට 2017 වසරේ දී මෙම මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

POPULAR ARTICLES

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...