25 C
Colombo
Sunday, May 19, 2024

මේ වසරේ තෙවැනි වරටත් ඉන්දු – චීන විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක්

- Advertisement -

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී ජූනි 1 වැනිදා ආරම්භ වන බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් තුන්වැනි වරටත් චීන විදේශ අමාත්‍ය Qin Gang හමුවීමට නියමිතයි.

ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා දේශසීමාවේ සාමය සහ සන්සුන් භාවය සඳහා ඉන්දියාව කරන ඉල්ලීම නොවෙනස්ව ඇති පසුබිමක මෙම හමුව සිදුවනු ඇති.

මෙහිදී ෂැංහයි සහයෝගීතා සමුළුව සඳහා ජනාධිපති ෂී ජින්පිං ගේ ඉන්දීය සංචාරය පිළිබඳව ද අවධානය යොමු කරනු ඇතැයි පැවසේ.

බ්‍රික්ස් සමුලුවට සමගාමීව ජයිශංකර් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හමුවීමට ද අපේක්ෂා කෙරේ.

ෂැංහයි සහයෝගීතා සමුළුව වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරය සඳහා මෙය අඩිතාලම දමනු ඇති.

අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවේ න්‍යාය පත්‍රය සැකසීමට උපකාර වන බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව, ජාතික මුදල් වෙළඳාම සහ බහුපාර්ශ්වික ආයතන ප්‍රතිසංස්කරණ ඇතුළු ගෝලීය දකුණු ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...