29 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දියාවට එපා වූ ජල්ලි කට්ටු ලංකාවට

- Advertisement -

තෛපොංගල් උත්සවයට පෙර පැවැත්වෙන හින්දු සංස්කෘතික උත්සව අතරින් ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජල්ලි කට්ටු ක්‍රීඩාව මේ වසරේ ශ්‍රී ලංකාවේ ද පළමුවරට පවත්වා තිබෙන බව නැගෙනහිර පළාතෙන් වාර්තා වෙනවා.

ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන්ගේ ප්‍රධානත්වයෙන්.

සංචාරක කර්යංශය විසින් සංවිධානය කර තිබූ මේ උත්සවය වෙනුවෙන් හීලෑ නොවූ ගවයින් 200 ක් සහ හීලෑ ගවයින් 100 ක් සහභාගි කරවා තිබෙනවා.

ජල්ලි කට්ටු උත්සවයේ විශේෂතම අවස්ථාව ලෙස හදුන්වන මෙය ක්‍රීඩාවක්. මෙහි ක්‍රීඩකයින් වෙන්නේ ගවයින්. ගොන් පොර ක්‍රීඩාවට සමාන මේ ක්‍රීඩාවේදී සිදුවන්නේ ශක්ති සම්පන්න පුද්ගලයෙක් ගවයෙකු සමග පොර බැද ගවයා පරාජයට පත් කිරීම. ඒ වගේම මෙහිදී ගවයාගේ මොල්ලිය සෙලවිය නොහැකි වන ආකාරයට තදින් අල්ලාගන උගේ පිට මත නැගී ගවයා බිමට පෙරලා පොළවට තබා තද කිරීමෙන් ගවයා මෙල්ල කරනු ලබනවා.

ජල්ලි කට්ටු ක්‍රීඩාව වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ තමිල්නාඩුවේ. තෛපොංගල් උත්සවයට සතියකට පමණ පෙර පටන් ගන්නා ජල්ලි කට්ටු උත්සවය වෙනුවෙන් තමිල්නාඩුව වසරකට ගවයින් 2000 ක් 3000 ක් ක් පමණ සූදානම් කරනවා.

2008-2014 වසරවල තමිල්නාඩු ජල්ලි කට්ටු උත්සවවලදී අහිමි වුණු මිනිස් ජීවිත ගණන 43 ක් සහ ගවයින් ගණන් 20 ක් මිය යනු ලැබුවා. සදාකාලික ආබාධිත තත්වයට පත් වුණු මිනිසුන් ගණන 27 ක් සහ ගවයින් ගණන 200 ක් විතර වෙනවා කියලා තමිල්නාඩු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉතිහාසයේ දැවැන්තම ජල්ලි කට්ටු උත්සවය පැවැත්වුණු 2017 වසරේ පමණක් මේ නිසා අහිමි වූ මිනිස් ජීවිත ගණන 27 ක් සහ තුවාල ලැබූ ගවයින් සංඛ්‍යාව 2500 ඉක්මවා තිබුණා.

මේ ක්‍රීඩාව සිදුවන අවස්ථාවේ දී ගවයින් මෙල්ල කිරීම අපහසු අවස්ථාවල ඔවුන්ට තියුණු කෙවිටිවලින් පහරදීම, වලිගය ඇඹරීම, ඇස්වලට මිරිස් කුඩු ඉසීම මෙන්ම පිහියෙන් ඇනීම පවා කරනු ලබනවා. නොඑසේ නම් ප්‍රකෝපකාරී ගවයින්ගෙන් ලේසියෙන් මිදී දිවි ගලවා ගන්නට මිනිසාට හැකිවෙන්නේ නැහැ. මෙවැනි හිංසන සිදුවන නිසාම ඉන්දීය සත්ව හිමිකම් සංවිධාන කීපයක් මේ ක්‍රීඩාවට එරෙහිව ඉන්දීය මහාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස 2014 වසරේ දී ඉන්දීය මහාධිකරණය ජල්ලි කට්ටු තරග පැවැත්වීම තහනම් කළා. නමුත් මෙම තීන්දුවට එරෙහිව ඇපිල් නඩුවක් ගොනු කරමින් හින්දු භක්තිකයින් කියා සිටියේ හින්දු සංස්කෘතියේ සළකුණක් වන ජල්ලි කට්ටු ක්‍රීඩාව මෙසේ තහනම් කිරීම, සම්ප්‍රදාය අබිබවා යන්නක් බවයි.

ඒ වගේම එකී වසරවල ජල්ලි කට්ටු ක්‍රීඩාව නතර කර තිබුණේ පවා නැහැ. වසර ගණනාවක් පුරා විභාග කෙරුණු මෙම නඩුව 2023 වසරේ දී තීන්දුවකට පැමිණියා. ඒ අනුව කිසිදු සත්ව හිංසාවක් නොවන අයුරින් ජල්ලි කට්ටු ක්‍රීඩාව පැවැත්වීමට මහාධිකරණයෙන් අවසර ලැබී තිබුණා. නමුත් සත්ව හිංසාවක් සිදු නොවී මෙවැනි තරගයක් පවත්වන්නේ කෙසේද යන්න ගැටළුවක්.

ඉන්දියාව ඉවත් කරමින් සිටින විවිධ දේ ශ්‍රී ලංකාව විසින් ග්‍රහණය කර ගැනීමේ සම්ප්‍රදාය මෑතක සිට පැවතෙන්නක්. ඒ අනුව ශ්‍රී ලංකා අතීතයේ කිසිදු දිනක නොපැවැත්වූ ජල්ලි කට්ටු තරග, ඉන්දියාවෙන් ඉවත් කිරීමට වෙර දරමින් සිටින මොහොතේ එය ලංකාවේ සංස්කෘතියට එකතු කර ගැනීමට වෙර දරා ඇති ආකාරය තමයි පසුගිය සතියේ නැගෙනහිර ප්‍රදේශයෙන් අපට දැක ගන්නට ලැබී තිබුණේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...