පසුගියදා පවත්වා තිබු පොහොට්ටුවේ රත්තොට ආසන සමුළුව සඳහා හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ආරාධනා කර නොතිබූ බව පැවසෙනවා.
මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ පොහොට්ටු කණ්ඩායම තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වනවා.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පොහොට්ටුවේ මාතලේ දිස්ත්‍රික් නායකයා ද වනවා.
ඔහු සහ ඔහුගේ පුත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දෙදෙනාම මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන්ද එම සමුළුවට සහභාගි නොවූ බව පැවසෙනවා.
එම ආසන සමුළුව රත්තොට බස් නැවතුම්පොලේ දී පසුගියදා පවත්වා තිබුණේ පොහොට්ටුවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණා.