34 C
Colombo
Friday, May 3, 2024

විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ – කංචන

- Advertisement -

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.

නව කෙටුම්පතට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඊයේ (19) සදහන් කළේ, එම පනතින් ගැටලු ඇතිවන්නේ විදුලිබල වෘත්තිය සමිති නායකයින්ට බවයි.

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සදහන් වන්නේ.  

මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකින් විවිධ චෝදනා එල්ල වී තිබුණා.

එල්ල වන මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වූ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා,

“ජනනය, බෙදාහැරීම සහ සම්ප්‍රේෂණය කියන කොටස් තුන වෙන් කිරීම. ලෝකයේ 90%කට වැඩි රටවල්වල විදුලිබල කර්මාන්තයේ කටයුතු සිදුවන්නේ මේ ආකාරයට. ඒ නිසා අපි යෝජනා කරලා තියෙන්නෙත් අපේ තියෙන්න ජලවිදුලි බලාගාර 100%ක්ම රජය සතුව පවත්වාගෙන යන්න. ගල්අඟුරු බලාගාර, ඩීසල් සහ පුනර්ජනනීය බලාගාර මේවට අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන අවශ්‍ය වෙනවා මෙය සාර්ථක කරගන්න. වෘත්තීය සමිති කිහිපයක බලය මත තමා විදුලිබල මණ්ඩලයේ කටයුතු පවතින්නේ. ඒ වෘත්තීය සමිතිවලට බැදුනොත් විතරයි පඩි වැඩි වෙන්නේ, බැදුනොත් විතරයි ස්ථාන මාරුවක් හම්බවෙන්නේ. ඔවුන්ට ණය ලැබෙන්නේ. මේ කාරණා පනත ඇතුළෙන් ඉවත් වෙනවා. වෘත්තීය සමිති නායකයින්ට විතරයි පනත සම්මත වුණාම ගැටලුවක් වෙන්නේ. පාරිභෝගික ආරක්ෂාව ගැන වෙනම වගන්තියක් තියෙනවා මේ පනත ඇතුළේ. විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ.”

RECENT ARTICLES - SINHALA

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...