28 C
Colombo
Saturday, July 27, 2024

සජිත්ගේ විශ්වාසභංගයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය

- Advertisement -

විශ්වාසභංගයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාදෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

එමෙන්ම, අන්තර්කාලීන පාලනයක් ඇති කිරීම සඳහා ද තම පක්ෂය එකඟ වන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කරුණු 4ක් යටතේ ඊට එක්කඟ වන බවයි රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක පවසන්නේ.

“ජාතික ජන බලවේගය ලෙස මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා නිශ්චිත සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා.

පළමු එක ජනාධිපතිවරයා මෙම ධූරයෙන් ඉවත්වීම.

දෙවැනි එක මෙම පාලනය ඉවත්වීම.

තුන්වැනි එක ජනතාවට අලුතෙන් අවස්ථාවක් ලබාදීම.

සිව්වැනි එක ජනතාවට සහාන ලබාදීම.

ඒ සඳහා අවශ්‍ය වන අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න. ඒ පාලනයේ සංයුතිය, හැඩරුව අපි ඕන තරම් සාකච්ඡා කරන්න සූදානම්. ඒ පිළිබඳව අපිට අපේ අදහස් තිබෙනවා. ඒ නිසා එවැනි අන්තර්කාලීන අවස්ථාවක් ගොඩනැගීම සඳහා අපි පක්ෂපාතී. එය කළ යුතුයි.

තව තවත් මේ ආණ්ඩුවට එරෙහිව තිබෙන උද්ඝෝෂණ දැඩි කළ යුතුයි. ඒවා කිසිසේත්ම නතර කළ යුතු නෑ. උද්ඝෝෂණවලට අපි උපරිම සහයෝගය ලබාදෙනවා.”

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...