ජනවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධනගේ අවසර ලැබී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
ඒ අනුව රුසියාවෙන් සහ නැගෙනහිර යුරෝපයේ රටවල්වලින් සංචාරකයන් 500ක් පමණ පැමිණීමට නියමිතය. ඔවුන් ගමනාන්ත 12කට ගමන් කිරීමට නියමිතය.
යාල, සීගිරිය, දළඳා මාළිගාව, පින්නවල, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල ආදී ප්‍රදේශ ඒ අතරට අයත් වේ. රටට ඇතුළුවන අවස්ථාවේ, පැමිණ දින 5කට පසු සහ දින 12කට පසු වශයෙන් තුන් වතාවක් සංචාරකයන් පීසීආර් පරීක්ෂණවලට ලක් කෙරේ.
එලෙස සංචාරකයන් ගෙන්වීම සඳහා මාර්ගෝපදේශ මේ වන විට සකසා ඇත.