30 C
Colombo
Friday, May 17, 2024

ජෙරම්ගේ දෙමාපියන් ඕමල්පේ සෝභිත හිමියන් බැහැදකියි

- Advertisement -

පසුගිය දිනක බුදුදහම සහා බුදුරජාණන්වහන්සේ ගැන ආන්දොලනාත්මක ප්‍රකාශයක් සිදුකල පාස්ටර් ජේරම්ගේ දෙමාපිය ඊයේ(18) දිනයේදි රාමඤ්ඤ මහා නිකායේ සංඝ මුලස්ථානයට පැමිණ ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ බැහැදැක්ක තිබෙනවා.

පාස්ටර් ජේරම්ගෙන් ප්‍රකාශයෙන් බුදු දහමට බෞද්ධයන්ට සිදු වූ අගෞරව වෙනුවෙන් මහා සංඝරත්නය සහ සමස්ත බෞද්ධ සමාජයෙන් සමාව ඉල්ලීමට ඔවුන් මෙලෙස පැමිණ තිබුණා.

දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවති අතර අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා.

වැරැද්ද තේරුම් අරගෙන ඒ පිළිබඳව සාකච්ඡාවකට පැමිණි සමාව ඉල්ලනවා නම් බෞද්ධ සමාජයක් හැටියට අපි සමාව දෙන්න සුදානම්. පළමු වටයේ සාකච්ඡාව සුහදශීලීව නිමා වුණා අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව ඉදිරියට අරන් යන්න.

පාස්ටර් ජෙරොම් ගේ මෑණියන් වන බෙවින් ප්‍රනාන්දු මහත්මිය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ,

කෝටි වාරයක් අපි සමාව ඉල්ලනවා අපේ පුතාගේ වචනවලින් ලොකු කුඩා සියලු දෙනාටම හිත් රිදීමක් වුනානම් අපිට සමාවෙන්න.නායක ස්වාමීන් වහන්සේ අපිට මේ අවස්ථාව ලබා දීම ගොඩක් ස්තුතියි.

ආගමික අසමගිය ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදෙස් ගමන් තහනමක් පනවා තිබෙන පසුබිමක මේ වන විට රටින් බැහැරව සිටින අතරම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණයක් සිදු කරගෙන යනවා.

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය විනාශ කරන්න අධිබලැති උඳුනක්

මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට...

සාම්පූර් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

මියගිය ඥාතීන් සිහිකර කැඳ බෙදා දීමේ සිද්ධියක් මූලික කරගමින් පසුගියදා සාම්පූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සිව් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. මෝසමක්...

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...