26 C
Colombo
Tuesday, May 21, 2024

රනිල්ට එපා කිව්වත් ජෝන්ට ඕනේ කියයි

- Advertisement -

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබුණත් එම මන්ත්‍රීධූරය නීත්‍යානුකූලව හිමිවිය යුත්තේ තමන්ට බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසයි.

තමන් ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයෙක් ලෙස ලයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර තමන් ජන්දය ඉල්ලා පරාද නොවුණු කෙනෙක් බවද හෙතෙම කියා ඇත. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ නොවැම්බර් 23 වන දින පැවැති සාකාච්ඡාවෙන් අනතුරුවය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී වීමේ ලිපිය භාරදී ඇත. කෙසේ වෙතත්, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාරියවසම්ගේ යෝජනාව පිළිගෙන නොමැති බවත් තවමත් ලිඛිතව එය දැනුම් දී නැති බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී දුම්රිය ධාවනයට බධා එල්ලවී තිබෙනවා. කොට්ටාව සහ පන්නිපිටිය අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගසක් කඩාවැටී ඇති බවට වාර්තා වනවා. ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...