31 C
Colombo
Saturday, May 18, 2024

ජොනී ආගිය අතක් නෑ – ඒත් ඇමති ආරක්ෂාව එහෙමමයි

- Advertisement -

අරලියගහ මන්දිරයේ සිට ගෝඨා ගෝ ගමට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවෙකු ලෙස නම් කර සතියක කාලයක් ගෙවී ගොස් ඇති නමුත්, මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් ව තිබේ.

මේ සම්බන්ධයෙන් ද මෝර්නිං වෙබ් අඩවිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා ඇති අතර, ඔහු පවසා ඇත්තේ, සැකකරු සිටින ස්ථාන සොයා ගැනීමට නොහැකි වීම නිසා අත් අඩංගුවට ගැනීම මෙසේ ප්‍රමාද වනවා විය හැකි බවයි.

හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරක් ඔහුගේ ආරක්ෂාවට යොමු කර සිටින ආරක්ෂක නිළධාරීන් හරහා ලබා ගැනීමේ හැකියාව පිළිබදව මෝර්නිං වෙබ් අඩවිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ, ඇතැම් මැති ඇමතිවරු රජයෙන් ලබා දෙන ආරක්ෂාව ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදාල වෙබ් අඩවිය ඇමති ආරක්ෂක අංශයෙන් විමසා ඇති අතර, ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ තමන්ට ලබාදෙන ආරක්ෂාව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙතෙක් ප්‍රතික්ෂේප කර නැති බවයි.


ඊට අමතරව, පාර්ලිමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයාට ලබා දී තිබෙන ජංගම දුරකථන අංකය, ඊයේ සන්ධ්‍යාව වන තුරුම ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බවද වෙබ් අඩවිය වාර්තා කරනවා.


RECENT ARTICLES - SINHALA

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...