මරණ දඬුවම නියම වී මේ වන විට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.
එහු මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාව අතරතුරදීය.
යහපාලන ආණ්ඩුව සමයේදී අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය කිරීම සඳහා ජනවරමක් වත්මන් රජයට හිමිවී ඇති බවත් 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට පත් කලේ මෙම කටයුත්ත සදහා බවත් ඒ මහතා පවසා ඇත.