31 C
Colombo
Saturday, July 27, 2024

ජොස් බට්ලර්ට ශ්‍රී ලංකාව සමග තරඟාවලිය අහිමි වෙයි

- Advertisement -

අබාධයකට ලක්වූ එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක සහ උපනායක ජොස් බට්ලර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන T20 තරගය සහ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අහිමිවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාව සමග පැවති පළමු T20 තරගයේදී ඔහුගේ දකුණු කලවා මාංශපේශියේ ආබාධයක් ඇති වුණා.

එම තරඟයේදී ඔහු නොදැවී ලකුණු 68ක් රැස්කිරීමටද සමත් වුණා.

ජොස් බට්ලර් ඊයේ MRI ස්කෑන් පරික්ෂාවකට ලක්ව ඇති අතර ඔහුගේ මාංශපේශිය සුලු වශයෙන් ඉරී ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

ඊයේ පැවති දෙවන T20 තරගයටද ඔහු කුීඩා නොකළ අතර ඔහු වෙනුවට සෑම් බිලින්ග් කණ්ඩායමට කැඳවා තිබුණා.

එක්දින සංචිතය සඳහා ඩේවිඩ් මාලන් කැඳවනු ඇති.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන T20 තරගය හෙට පැවැත්වෙන අතර එක්දින තරගාවලිය ජුනි 29 ආරම්භ වනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...