26 C
Colombo
Wednesday, October 4, 2023

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස මුලතිව් හමුදා කදවුරේ විරෝධතාවක (වීඩියෝ)

- Advertisement -

මුලතිව් ගුවන් හමුදා කදවුරක බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිස ඊයේ (10) විරෝධතාවයක නිරත වුණා.

ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින්.

අදාළ විරෝධතා පුවරුවල දැක්වුණේ කොතලාවල පනත වහා ඉරා දමන ලෙසයි.

පසුව එම ස්ථානයේ සිටම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ තමන්ව අසාධාරණ ලෙස නිරෝධායන නීති උපයෝගි කරගනිමින් මෙලෙස සිරගත කර තැබූවද කොතලාවල පනතට එරෙහිව නගන විරෝධය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මෙහිදී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන්, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් හා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් යන අය අදහස් දැක්වූවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ආනයන සීමා ඉවත් කිරීම ගැන තීරණයක්

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

නුවරඑළියේ කේබල් කාර් ව්‍යපෘතියේ වැඩ අතරමඟ නැවතිලා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් කඳු ප්‍රදේශයක ඉඩමකට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නානුඔය සිට නුවරඑළිය දක්වා ගමන් කිරීමට නියමිත කේබල් කාර් මාර්ගයේ ඉදිකිරීම්...

සූදු පොළකින් මුදල් සොරකම් කළ පොලිස් පරීක්ෂකගේ වැඩතහනම්

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක සූදු කෙළිමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූ රුපියල් 343,500ක මුදලක් වංචාවෙන් ලබාගත් බව...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...