27.5 C
Colombo
Wednesday, October 4, 2023

ජෝසෆ් ස්ටාලින්, පියුමි හංසමාලි හෝ කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා – පවිත්‍රා (වීඩියෝ)

- Advertisement -

කවුරුන් හෝ නිරෝධායන රීති කඩකරන්නේ නම් ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය සදහන් කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන ජෝසෆ් ස්ටාලින්, වී. අයි ලෙනින්, කාල් මාක්ස්, පියුමි හංසමාලි හෝ PHI මහත්තයාගේ මුහුණට කෙළ ගහපු මොහොමඩ් ඇතුළු කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට සිද්ධ වන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවන්නේ ජෝසෆ් ස්ටාලින් වෙනුවෙන්වත්, වී. අයි ලෙනින් වෙනුවෙන්වත්, කාල් මාක්ස් වෙනුවෙන්වත් එහෙමත් නැත්නම් වෙන කවුරුවත් වෙනුවෙන්වත් නොවන බවත් ලෝකයේම පිළිගත් ආකාරයට බවත් ඇය වැඩිදුරටත් සදහන් කරනවා.

අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය සදහන් කරන්නේ ඕනෑම පුද්ලයෙකු එම මාර්ගෝපදේශ කඩකරන්නේ නම් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී ඇති බවයි.

ගුරු වෘත්තීය සමිතිවල ප්‍රධානියා පාරට බැහැලා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන අවස්ථාවකදී දරුවන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැයි පවසන්නේ කෙසේදැයි ඇය මෙහිදී ප්‍රශ්න කර සිටියා.

අදාළ විරෝධතා දේශපාලන පක්ෂවල උවමනාව මත සිදුකරන බවත් මෙම ඊනියා වෘත්තීය සමිති සටන් දෙවියන්ගේ නාමයෙන් නවත්වන ලෙසත් ඇය මෙහිදි ඉල්ලා සිටියා.


RECENT ARTICLES - SINHALA

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...