32 C
Colombo
Tuesday, February 27, 2024

ජෝසප් ස්ටාර්ලින් කියන්නේ කොටින්ට උදව් කරපු ත්‍රස්තවාදියෙක් – පා.ම. මධුර විතානගේ

- Advertisement -

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් යනු ත්‍රස්තවාදියෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ පැවති යුද සමයේදී ත්‍රස්තවාදීන් හට කොළඹට පැනගැනීමට මාර්ග බාධක ඉවත්කරන්නැයි ජෝසප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළ බවයි.

ඔහු මේ වන විටත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකරන බවද මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

ත්‍රස්තවාදී චෝදනාව පිළිබදව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ත්‍රස්තවාදී චෝදනාව නගන ජෝසප් ස්ටාර්ලින් මහතා සම්බන්ධයෙන් යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසා සිටියේ මෙම තොරතුරු පසුගිය සතියේ තමන්ට ලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් News 19 කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ මධුර විතානගේ මහතාගේ ද්වේශ සහගත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙලා දකින බවයි.

යුද්ධය නිමාවීද වසර 12 ක් ඉක්ම ගොස් ඇති පරිසරයක් තුළ ගුරුවරුන් පාරට බසින තුරු මෙම ත්‍රස්තවාදී තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාට නොලැබීම පුදුමයට කරුණක් බවද ඔහු අප සමඟ ප්‍රකාශ කළා.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට කොළඹ දේවි බාලිකා විද්‍යාලය නුගේගොඩ, උඩහමුල්ල ශ්‍රී විජයාරාම විදුහල් භූමියට ගෙන ඒමට කටයුතු සම්පාදනය කිරීමට මැදිහත් වූ මෙම දේශපාලකයා සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම හේතුවෙන් ඔහු තම සංගමය පිළිබදව කෝපයෙන් සිටින බවද ජෝසප් ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සමඟ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීර හා ධම්මික පෙරේරා යන අය උඩහමුල්ල ශ්‍රී විජයාරාම විදුහලේ ඉබි යතුරු කඩා පාසලට අනවසරයෙන් හා බලහත්කාරයෙන් ඇතුළු වුණේ යැයි එම පාසලේ විදුහල්පතිනිය මිරිහාන පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අදත් ගුවන් ගමන් හතක් අවලංගුයි

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව...

P.H.I ගේ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්

කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (26)ජිවිතක්ෂයට පත්වූ  කරන්දෙණිය පාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා‌ගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස්...

දේශබන්දුගේ පත්වීම නීති විරෝධීයි-සජිත්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන...