29 C
Colombo
Saturday, July 27, 2024

පකිස්තානයේ මාධ්‍ය නිදහස බිංදුවටම වැටෙයි

- Advertisement -

තමන් හා එකඟ නොවන අදහස් දරණ ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම, පහරදීම හෝ අතුරුදන් කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව අන්තර්ජාතික ක්ෂමා සංවිධානය පවසයි.

එම සංවිධානය මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා පාකිස්තානයේ ප්‍රකට මාධ්‍යවේදියකු වන ඉම්රාන් රියාෂ් ඛාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමිනුයි.

එම සංවිධානය එරට රජයට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලයේ දිගින් දිගටම ජනමාධ්‍ය වේදීන් අතුරුදන්වීම, පැහැර ගැනීම, පහර දීම හෝ බිය ගැන්වීම් සිදුවූ බවයි.

එම තත්ත්වය කිසිසේත් පිළිගත නොහැකි බවත් තමන් අනුමත නොකරන අදහස් ඇති කණ්ඩායම්වලට දඬුවම් කිරීම රජය විසින් වහා අත්හිටුවිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ජනමාධයකරණය යනු අපරාධයක් නොවන බැවින් එම වෘත්තියේ නියැලෙන තැනැත්තන්ට අවශ්‍ය නිදහස ලබාදීම රජයේ වගකීමක් බවයි.

පසුගියදා අත්අඩංගුවට පත් ඉම්රාන් රියාෂ් ඛාන් යනු එරට ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදකයකු වන අතර පසුගිය අඟහරුවාදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉස්ලාමාබාද් නගරයට ආසන්නයේදීයි.

මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජද්‍රෝහී චෝදනා යටතේයි.

ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...