28 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් වැළඳී මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳව අධිකරණය දුන් තීන්දුව

- Advertisement -

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ සිරුර ආදාහනය නොකර ශීතාගාරයක තැන්පත්කරන ලෙස ගාල්ල අධිකරණය නියෝග කර තිබේ.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය සඳහන් කර ඇත්තේ, අදාළ මළ සිරුර ආදාහනය නොකර රජය විසින් පත්කර ඇති කමිටුවේ තීරණය ලැබෙන තෙක් කරාපිටිය රෝහලේ අධි ශීතකරණයක තැන්පත් කරන ලෙසය.

ගාල්ල, දේදුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා වෛරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහු තිදරු පියෙක් බව වාර්තා වේ.

මොහුගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබුණ ද මියගිය අයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ ආදාහනය කරන්නේ නම් දේහය භාර නොගන්නා බවය.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ නඩුව දෙසැම්බර් 21 දින ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවේ කැඳවා තිබුණි.

එහිදී මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් පවසා සිටියේ කොවිඩ් මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ දැනට කතිකාවක් මතුව ඇති බවය.

එම නිසා කොවිඩ් ආසාදනයවීමෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමට රජය පත්කළ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් මළ සිරුර අධි ශිතකරණයක තැන්පත් කරන ලෙස නීතිඥයින් ඉල්ලා තිබේ.

දෙපාර්ශවයේම ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය මේ පිළිබඳ ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු ඉදිරිපත්කර ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස ලබා දී ඇත.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...