28 C
Colombo
Saturday, July 27, 2024

5G ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජුහී චව්ලා අධිකරණයට

- Advertisement -

ඉන්දියාව තුළ 5G රැහැන් රහිත දුරකථන සම්බන්ද ජාලය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සුපිරි බොලිවුඩ් නිළියක් මෙන්ම පරිසර ක්‍රියාකාරනියක් වන ජුහී චව්ලා නඩු පවරා තිබෙනවා.

දිල්ලි මහාධිකරණය වෙත අදාළ නඩුව ගොනුකරමින් ජුහී චවුලා පවසන්නේ තමන් තාක්ෂණික දියුණුවට විරුද්ධ නැති නමුත් 5G වලින් ලැබෙන විකිරණ මිනිසුන්ට අතිශයින්ම හානිකර යැයි විශ්වාස කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි.

5G යනු ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවල නවතම යාවත්කාලීන කිරීමයි.

ජුහී චවුලා පවසන්නේ අදාළ ක්‍රියාවලිය මගින් විමෝචනය කෙරෙන විකිරණ මගින් සිදුකෙරෙන බලපෑම පිළිබදව විධිමත් අධ්‍යයනයකින් අනතුරුව එය හදුන්වාදිය යුතු බවයි.

එමෙන්ම එයින් පරිසර පද්ධතියට, සෞඛ්‍යයට, මිනිස් ජීවිතයට සිදුකෙරෙන බලපෑමද සොයා බැලිය යුතු බවයි ඇය සදහන් කරන්නේ.

නිළි ජුහී චව්ලාගේ මෙම ක්‍රියාමාර්ගය බොහෝ දෙනාගේද ප්‍රශංසාවට ලක් වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...