27 C
Colombo
Saturday, June 10, 2023

මන්ත්‍රිවරුන්ට සැප වාහන ගෙන්වීමට එරෙහිව ජ.වි.පෙන් පෙත්සමක්

- Advertisement -

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය සඳහා රජය ගෙන තිබෙන තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇතිබව පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඊට එරෙහිව විවිධ විරෝධතා මතුවීමෙන් පසුව එම වාහන ආනයනය අත්හිටුවීමට ඉකුත් මැයි මස 24 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගනු ලැබු බව ප්‍රකාශ කළද එම වාහන ගෙන්වීමට අදාළ ණයවර ලිපි දැනටමත් ලංකා බැංකුව හරහා නිකුත් කර ඇති බැවින් එය අත්හිටුවීමට හැකියාවක් නොමැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයිද පෙත්සම්කරු විසින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.