29 C
Colombo
Saturday, July 27, 2024

පදිංචි සහතිකයක් ඉල්ලුවාට කමල් ගුණරත්න කෝප වෙයි

- Advertisement -

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් පදිංචි සහතිකයක් යොමුකිරීම නිසා ආරක්ෂක සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කෝපයට පත්වී තිබේ.

තමන් වැනි ප්‍රභූන් ජීවත්ව සිටින බව තහවුරු කර ගැනීමට පදිංචි සහතික යොමුකිරීම නොකළ යුතු බවට ද ඔහු සඳහන් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ 10/2006 අනුව සෑම විශ්‍රාම වැටුප්ලාභියෙකුම වාර්ෂිකව මේ පදිංචි සහතිකය පුරවා, අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා වෙත බාරදිය යුතුය.

අදාළ විශ්‍රාමිකයා ජීවත්ව සිටින්නේද යන්න දැනගැනීමේ නීතිගත ක්‍රමය එය වේ. දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටිනි විශ්‍රාම වැටුප් නිලධාරීන් මගින් මේ පදිංචි සහතික යොමුකිරීම සිදුකරනු ලබයි.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ප්‍රභූන්ට වෙනම නීතියක් නැති බවත්, මේ චක්‍රලේඛ පොදුවේ විශ්‍රාම වැටුප් ලබන සියල්ලන්ට අදාළ බවත් ය. වාර්ෂිකව දෙපාර්තමේන්තුවේ ලිපිගොනු යාවත්කාලීන කෙරෙන්නේ මේ හරහා බව ද ඔහු සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...