කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 ක්ට දෙසැම්බර් මාසය තෙක් වැටුප් ලබාදීමට සහ ආයතනයේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 41ක මුදලක් ලබාදෙන ලෙස වැවිලි අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
කන්තලේ සීනි සමාගම ආයෝජකයකුට ලබාදෙන තෙක් අදාල සේවකයන් රඳවා ගැනීමටද වැවිලි අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇති අතර එම සේවකයන් 34 දෙනාගෙන් 19 දෙනකුට මේ වන විට ආයතනයේ ආරක්ෂක කටයුතුවලට යොදවා ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර ඇත.