29 C
Colombo
Saturday, July 27, 2024

කාවින්ද ජිනීවා යයි

- Advertisement -

ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමට සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියා.

හෙට (11) සහ අනිද්දා (12) ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමේ අරමුණින් තමන් ඇතුළු පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් ජිනීවා නුවර බලා පිටත්ව ගිය බව ජයවර්ධන පවසනවා.

මේ සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාත් තමන් සමග එක්ව සිටින බවත් රට පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් ඔහු එහිදී පවසා සිටියා.

රටේ මානව හිමිකම් පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනතාවට සිදුව ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් මානව හිමිකම් කවුන්සලයේ මෙවර වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුව වසර තුනකට අධික කාලයක් ඉක්මවා ගියත් එම ජනතාවට සාධාරණත්වයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ද වාර්තාවේ කරුණු සඳහන්ව ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

මෙවර මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් සැසිවාරයක් බැවින් තමන් ඇතුළු නියෝජිත පිරිස සහභාගී වන බවයි ඔහු වෑඩිදුරටත් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...