31 C
Colombo
Saturday, July 27, 2024

කෑගල්ලේ කොරෝනා රෝගයේ විශේෂ තත්ත්වයක් – GMOA

- Advertisement -

කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට වාර්තාවෙමින් තිබෙන කොවිඩ් 19 රෝගීන්ගේ රෝග ලක්ෂණ මෙතෙක් වාර්තාවූ කොවිඩ් රෝගීන්ට වඩා විශේෂ තත්ත්වයකින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ. මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් බහුතරයකට කොවිඩ් ආසාදනය වී ඇතත් ඊට අදාල රෝග ලක්ෂණ පෙන්නුම් නොකලද කෑගල්ලෙන් වාර්තාවන රෝගින් හට එම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සැළකිල්ලට ගතයුතු තත්ත්වයක් බවයි.
මෙම රෝගීන්ගෙන් වැඩි පිරිසක් අධික උණ තත්ත්වයෙන් පසුවීම විශේෂ තත්ත්වයක් බවත් මෙය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දැයි වඩාත් විමසිල්ලෙන් පරීක්ෂණවලට භාජනය කල යතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
කෙසේ වෙතත් නව ප්‍රභේද හදුනාගැනීමේ තාක්ෂණය මෙරට පවතින්නේ ඉතාමත් සීමාසහිතව බැවින් ඒ සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සම්පාදනය කල යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.

මීට මාසයකට පෙර කෑගල්ලේ ධම්මික පෙරේරා මහතාගේ පැණිය බෙදාදීමේදී ජනතාව කිසිදු නිරෝධායන නීතියක් නොතකමින් ඒකරාශ්‍රී වෙමින් සිදුකරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙය සිදුවී ඇතිදැයි විමර්ශනය කල යුතු බවද හරිත අලුත්ගේ මහතා පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයා පවසන පරිදි සමාජ ව්‍යාප්තියක් නොමැති බව හෝ රෝගය පාලනය කර ඇති බව වැනි දෑ පිළිගත නොහැකි බැවින් මේ තත්ත්වය පිළිබදව වඩාත් අවධානයෙන් අදාල අංශ කටයුතු කල යුතු බවද මෙහිදී අදහස් පලවුණා.
ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...