31 C
Colombo
Saturday, July 27, 2024

ධම්මිකගේ කොරෝනා පැණිය බෙදීම අත්හිටුවයි

- Advertisement -

කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු අද උදෑසන සිට කොවිඩ් මර්දන ඖෂධයක පළමු කොටස නොමිලයේ බෙදාහැරීමේ කටයුත්තක් සිදුකරන බව ප්‍රචාරය කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත ජනතාවක් ඔහුගේ නිවෙස අසලට රැස්ව සිටියා.
මෙම පොලිම්වල ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ තනතුරුවල නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ද දක්නට ලැබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නොතකමින් සිදුකරන ලද මෙම ක්‍රියාවලිය සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචනයට ලක්වුණා.
ඖෂධය බෙදාහැරි ධම්මික බණ්ඩාර නැමැති දේශීය වෛද්‍යවරයාද මුඛ ආවරණයක් හෝ නොපැලද ඖෂධ බහා තිබූ කාලේ බෝතල් බෙදාහරින ආකාරය දක්නට ලැබුණා.
මේ පිළිබදව සිදුවූ පැමිණිලි මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් අදාල ඖෂධය බෙදාහැරීමේ ක්‍රියාදාමය නතර කර තිබෙනවා.
මේ අතර මෙවැනි අවස්ථාවක් සංවිධානය කළේ කෙලෙසදැයි කෑගල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් වාර්තාවක් කැදවා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...