29 C
Colombo
Saturday, July 27, 2024

කෙහෙළිය පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට සැරසෙයි

- Advertisement -

මාධ්‍යවේදීන්ගේ මෙන්ම සමස්ත පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට වර්තමානයට ගැළපෙන ලෙස පුවත්පත් මණ්ඩල පනත යාවත්කාලීන විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ තුළ කිසිදු මාධ්‍ය මර්දනයක් නොමැති යැයිද එවැනි ඉතිහාසයකට ලක්වන ඇමතිවරයෙක් වීමට තමාට කිසිදු වුවමනාවක් නොමැති යැයිද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වාදෙයි.

අමාත්‍ය මාධ්‍ය ලේකම්වරුන්ගේ සංසදයේ විධායක කමිටු නිලධාරීන් සමග අද (01) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසන ලදි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේද සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මාධ්‍ය ලේකම් වරුන්ගේ සංගමයේ සභාපති අග්‍රමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

වසර ගණනාවකට පෙර ස්ථාපිත කරනු ලැබූ පුවත්පත් මණ්ඩල පනත වර්තමානයට ගැළපෙන අයුරින් යාවත්කාලීන විය යුතු බවද වර්තමානයේ නව මාධ්‍ය ඇතුළු බොහෝ අංශ මාධ්‍ය ක්ෂේත්‍රයට එක්ව තිබෙන බවද කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

දීර්ඝ කලකට පසු මෙවැනි පනතක් යාවත්කාලීන කිරීමට යමෙකු විරුද්ධ වන්නේ නම් එය පසුගාමී තත්වයක් යයිද එනිසා ප්‍රතිගාමී ලෙස මේ පිළිබඳව ධනාත්මකව අවධානය යොමු කළ යුතු බවද රටේ මාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ට වගකීම් දෙකක් පැවරෙන බවත් ඒ අනුව මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතරම තමමට මිලියන 21 ක් වන සමස්ත පුරවැසියන් වෙනුවෙන්ද පෙනී සිටීමේ වගකීමද පැවරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මාධ්‍යවේදියාගේ මෙන්ම පුරවැසියාගේද අයිතිවාසිකම් සුරක්ෂිත වන ක්‍රමවේදයක් ඇති විය යුතු යැයි ද එසේ නොමැති වුවහොත් පුරවැසියා හට අසාධාරණයක් සිදුවන බවද ඒ මහතා කීය.

මෙය ඒක පාර්ශවීය ලෙස කල නොහැකි බවත් මේ සඳහා සුදුසු යාන්ත්‍රයක් අවශ්‍ය බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. යම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවන අයුරින් පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨය ගොස් අනතුරුව සමාව ඉල්ලා කණගාටුව ප්‍රකාශ කිරීමට ඇතුල් පිටුවක අඟල් ගණනක ප්‍රවෘත්තියක් යෑම ඵලක් නොවන බව ද අමාත්‍යවරයා පවසයි. මාධ්‍ය ආචාර ධර්ම යන්නට සාධාරණයක් විය යුතු බවත් එම ආචාර ධර්මයන් සතපහකට මායිම් නොකරන්නේ නම් නීතියේ රාමුව තුළ ආචාර ධර්මයන් සකස් විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ලේකම්වරුන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදීම ,වැඩමුළු පැවැත්වීම ,නීතිය පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙන්ම නීති අධ්‍යනය ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර,අමාත්‍ය මාධ්‍ය ලේකම් වරුන්ගේ සංසදයේ සභාපති අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් ,එම සංගමයේ ලේකම් නිමල් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...