28 C
Colombo
Saturday, July 27, 2024

වසංගතය දෙවියන්ට භාර කළ කෙහෙළියට සෞඛ්‍ය ඇමතිකම

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැති මණ්ඩලයේ අමාත්‍යධුර 07ක වෙනස්කම් සිදු කරනු ලැබුවා.

ඒ අනුව, මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා විසින් මීටපෙර මෙරට කොවිඩ් වසංගත තත්වය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

පසුගිය 10වනදා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ එන්නත් පහසුකම් සැපයීමෙන් අනතුරුව ඉතිරි වැඩකොටස භාරවන්නේ දෙවියන්ට බවයි.

කෙසේ නමුත්, කොවිඩ් වසංගතය පාලනය කිරීම යනු හුදෙක් එන්නත්කරණය පමණක් නොවන බවත් එන්නත්කරණයෙන් පමණක් වසංගතයක් පාලනය කළ නොහැකි බවත් සෞඛ්‍ය විශේෂඥයෝ දිගින් දිගටම අවධාරණය කරයි.

රෝහල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලැක්විය හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

තත්වය එසේ තිබියදී, මෙරට කොවිඩ් වසංගත තත්වය ගැන ඉතාම අල්ප දැනුමක් ඇති අයෙකුට මෙවැනි තීරණාත්මක අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යංශය භාරදීම ජනතාවගේ සිත් තුල ඇතිකර ඇත්තේ කුකුසක්.

මේ අතර, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නව සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ තමන් ආරක්ෂා වෙමින් සිය සමාජීය වගකීම ඉටු කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...