දකුණු ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ කිල්මිශා උදයශීලන් දැරිය අද (28) දිවයිනට පැමිණ තිබෙනවා.
යාපනයේ පදිංචි 14 හැවිරිදි කිල්මිශා ඉන්දියාවේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඇයව පිළිගැනීම සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විශාල ජනකායක් පැමිණ තිබුණත් ඔවුන් සියලු දෙනාට ගුවන්තොටුපොළට යාමට අවසර ලැබී නැහැ.
විශාල රිය පෙරහැරකින් කිල්මිශා දැරිය යාපනය නගරය වෙත කැඳවා ගෙන යාමට යාපනයේ ජනතාව කටයුතු සූදානම් කර තිබූ අතර මෙම අවස්ථාවට ඇගේ දෙමව්පියන් හා ඥාතීන්ද සහභාගී වී සිටි බවයි වාර්තා වෙන්නේ.