නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අවුරුදු 20 – 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව ඔවුන් සඳහන් කළා.
මෙම කණ්ඩායමේ කිහිපදෙනකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධවී නකල්ස් රක්ෂිතයට මෙසේ අනවසරයෙන් ඇතුළුවී ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
මෙම කණ්ඩායම රාත්‍රියේ නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මෙසේ කූඩාරම් ගසාගෙන සිට ඇති අතර, සංරක්ෂිත රක්ෂිතය ඇතුළත ගිනි මැල දල්වා සාද පවත්වා ඇති බවත් අඩිවි වන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, විශ්වවිද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන්ද සිටින බව ඔවුන් සඳහන් කළා.
අත්අඩංගුවට ගත් එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.