25 C
Colombo
Wednesday, September 27, 2023

මුලතිව් සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකලිකව නවතියි

- Advertisement -

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසනවා.

මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ දැනට ලැබී තිබෙන සාක්ෂි විශ්ලේෂණය කිරීම වෙනුවෙන් කැණීම් කටයුතු පසුගිය 15 වැනිදා සිට මාස දෙකක කාලයකට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බවයි.

මේ දක්වා කැණීම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කොට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදෙන තීරණ අනුව ඉදිරි පර්යේෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවද මහාචාර්ය සෝමදේව පෙන්වා දෙනවා.

මේ අතර, මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ කැණීම් තුළින් හමුවූ පූර්ණ මිනිස් අස්ථි කූඩු ගණන 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කැණීම් නිලධාරීන් පවසනවා.

මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පැවසුවේ සමූහ මීනිවළ කැණීම් නතර කරන විට, අලුතින් මිනිස් සිරුරු තුනක අස්ථි මතුකර ගත් බවයි.

දින නවයක කාලයක් අතරතුර මෙම මිනීවළෙහි කැණීම් තුළින් මිනිස් සිරුරු 17 ක අස්ථි කූඩු මතුකරගෙන ඇති අතර, මතු කරගත් මිනිස් සිරුරු 17 ට අදාළ අස්ථි කොටස් සියල්ලම ගොඩගත් බවද කැණීම් නිලධාරීන් පෙන්වා දෙනවා.

මේ අතර, කැණීම් තුළින් හමුවූ අස්ථි කොටස් අතර කාන්තා තනපට දැක ගැනීමට හැකිවන බැවින් මේ දක්වා හමුවූ සියලු සිරුරු කාන්තාවන්ගේ විය හැකි බවට සැක කරන බව මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසනවා.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා පතුරම් උණ්ඩ වැනි කොටස් තුනක් හා පුද්ගලයන් හඳුනාගැනීමට පලඳින ලද යැයි කියන අංක තහඩු පහක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතාකරන කැලෑ ඇඳුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුව තිබෙනවා.

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් මෙම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණීම් කටයුතු සිදු කරන බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන්, මුලතිව් දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනිවළ තුළින් ගොඩට නොගත් අස්ථි කොටස් රැසක් දැක ගැනීමට හැකිවන බැවින් කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකළ යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...